අයිතියේ හඬට උත්තරේ රසායනික අවි ප්‍රහාර ද? නිර්මාණාත්මක විරෝධතාවය මැයෙන් ප්රසාංගික විරෝධතාවයක් අද (14) සවස කොළඹ ටොරිංටන් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී පැවැත්විනි.
කෙසේ වෙතත් පොලීසිය විසින් අද දින නිදහස් චතුරශ්‍රයට ඇතුලුවන ස්ථාන දෙකම වසා දමා තිබෙනු දක්නට ලැබුනු අතර විරෝධතා කරුවන් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ ඩී.එස්. සේනානායක පිළිරුව ඉදිරිපිට දී එම ප්රසාංගික විරෝධතාවය පැවැත්වීමට සූදානම් වීමේදී පොලීසිය සහ නිදහස් චතුරශ්‍ර පාලනාධිකාරිය විසින් එම ස්ථානයේ විරෝධතාවය නොපවත්වන ලෙසත් එම පරිශ්‍රයේම ඉදිරිපිට ස්ථානයක පවත්වන ලෙසට අවසර දුන් හෙයින් එම ස්ථානයේ දී විරෝධතාකරුවන් ප්රසාංගික විරෝධතාවය පැවැත්වීය.
මෙම විරෝධතාවය දේශපාලන සංවිධාන, සිවිල් සංවිධාන, කලා සංවිධාන, බහුජන සංවිධාන ඇතුලු සංවිධාන වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.
මෙහිදී ප්රජාතන්ත්රවාදය තහවුරු කරන ලෙසත් මර්දනය නතර කරන ලෙසත් ඇතුලු ඉල්ලීම් ගණනාවක් ඇතුලත් පෙත්සමකට පැමිණ සිටි පිරිසගෙන් අත්සන් ලබා ගැනීමක් ද සිදු කෙරුනි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…