විදුලි බිල ඉහළ යෑමට විරෝධය පල කරමින් ඊයේ (07) සවස ගම්පොල බල ප්‍රදේශයට අයත් නව කුරුඳුවත්ත නගරයේදි ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරින් විසින් පන්දම් දල්වමින් පවත්වන ලද විරෝධතාවකට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගේ ආධාරකරුවන් කිහිපදෙනෙකු බීමත්ව පැමිණ ගැටුමක් ඇතිකරගැනීමට කටයුතු කර ඇතැයි පොලිසිය පවසයි.
මෙම බීමත් පුද්ගලයින් විරෝධතාකරුවන් අතරට පැමිණ හු කියමින් එම විරෝධතකරුවන් සමග බහින්බස් විමක් ඇති කර ගැනිමට උත්සාහයක් ගෙන ඇතැයි පොලිසිය කියයි
මෙය ආවරණය කිරිම සදහා ගොස් සිටි මාධ්‍යවේදි සුරංග රාජනායකගේ කැමරාවට ද මේ කළහකාරී පුද්ගලයින් විසින් අලාභානි කර ඇතැයි ඔහු විසින් නව කුරුදුවත්ත පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ජාතික ජනබලවේගයේ නව කුරුදුවත්ත සංවිධායක ඉන්දික ගුණසේකර විසින් සංවිධානය කර තිබූ මෙම විරෝධතාවයට නාවලපිටිය නගර සභා අපේක්ෂිකා තුෂාරි ජයසිංහ. නාවලපිටිය නගර සභා මන්ත්‍රි මොහොමඩ්, කපිල අබේරත්න හා ගඟ ඉහළ අපේක්ෂකයින් ඇතුලු 35 ක පමණ පිරිසක් සහභාගි වී සිට ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…