නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන අවසන් 11 දෙනාගේ කණ්ඩායම මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නැතත්, වේග පන්දු යවන්නන් තිදෙනෙකු හා දග පන්දු යවන්නෙකු සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය සකස් වනු ඇති බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා.
අද (7) පැවැති අතථ්‍ය මාධ්‍ය හමුවකට එක්වෙමින් දිමුත් සදහන් කළේ ක්‍රයිස්චර්ච් ප්‍රදේශයේ මේ දිනවල පවතින කාළගුණ තත්ත්වයට අනුව පළමු ටෙස්ට් තරගයේ තණතීරුව දග පන්දු යවන්නන්ට ද යම් සහායක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
දග පන්දු යවන්නෙකු ලෙස තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා ද යොදා ගත හැකි බැවින් ඔහු සමග තවත් එක් ප්‍රධාන දග පන්දු යවන්නෙකු ද ක්‍රීඩා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නායකයා පෙන්වා දුන්නා.
දිමුත් කරුණාරත්න වැඩිදුරටත් කියා සිටියේ කණ්ඩායමේ පිතිකරුවන් පසුගිය කාලයේ ලකුණු අතර රැදී සිටිමින් දක්ෂතා දක්වා ඇති බැවින් පිතිකරණ අංශයේ වෙනසක් පළමු තරගයේ දී අපේක්ෂා කළ නොහැකි බවයි.
මේ අතර ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 13 දෙනෙක්ගෙන් සමන්විත සංචිතය නම් කිරීමට නවසීලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.
ක්‍රීඩකයින් 13 දෙනෙක්ගෙන් සමන්විත එම සංචිතයේ නායකයා ලෙස වේග පන්දු යවන ක්‍රීඩක ටීම් සවුදි කටයුතු කරයි.
දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය 09 වනදා ආරම්භ වෙයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…