බංගලාදේශයේ ඩකා අගනුවර ගොඩනැගිල්ලක පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අදාළ පිපිරීම හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකුට ආසන්න පිරිසක් මියගොස් ඇති බව එම වාර්තා පවසයි.
පිපිරීම හේතුවෙන් 100ක ආසන්න පිරිසක් තුවාළ ලබා ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ගිනි නිවීමේ සේවා නිලධාරියෙක් වන දිනමෝනි ෂර්මා උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ, මහල් හතකින් යුත් ගොඩනැගිල්ලක් තුළ මෙම පිපිරීම සිදුව ඇති අතර, එහි මහල් දෙකකට දැඩි හානි සිදුව ඇති බවයි.
අදාල ගොඩනැගිල්ල තුළ සනීපාරක්ෂක උපකරණ සහ ගෘහ භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල් කිහිපයක් තිබී ඇති අතර පිපිරීමෙන් ගොඩනැගිල්ලේ ප්‍රතිවිරුද්ධ පැත්තේ නවතා තිබූ බස් රථයකට ද හානි සිදුවී ඇති බවයි එම නිලධාරියා සඳහන් කර ඇත්තේ.
පිපිරීමට හේතුව අපැහැදිලි බවත්, මුදාගැනීමේ මෙහෙයුම් සිදුවෙමින් පවතින බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් දක්වා සිටිනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…