Local

කොටහේනේ වෙඩිතැබීමක් – වැල්ලේ සුරංග ගේ සහෝදරයාට වෙඩි !

සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “වැල්ලේ සුරංග” ගේ සහෝදරයා ඉලක්ක කරගෙන කොටහේන ඉබ්බගෙවත්ත හන්දිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමක් ඉලක්කය වැරදීයාමෙන් ඔහුගේ දිවි බේරී ඇතැයි කොටහේන පොලීසිය පවසයි.

කොටහේන රොක් හවුස් ප්‍රදේශයේ පදිංචි ගමගේ සනත් රුවන් නැමැති “වැල්ලේ සුරංග” ගේ සහෝදරයා බිරිඳ සමග පහරදීමක් සම්බන්ධයෙන් වූ නඩුවකට පෙනීසිටීම සඳහා අලුත්කඩේ අංක හය අධිකරණ වෙත යමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය කියයි

ඉබ්බගේවත්ත හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයක් වම් පසින් ත්‍රිරෝද රථයට ඉස්සර කර නවතා එයින් බැස ආ පුද්ගලයකු ටී-56 ගිනි අවියක් එල්ල කිරීමත් සමඟම ත්‍රිරෝද රථ රියදුරු ත්‍රිරෝද රථය අත්හැර දමා පළාගොස් තිබුණි.

ඒ සමගම එම රථයේ පිටුපස ගමන්කරමින් සිටි “වැල්ලේ සුරංග” ගේ සහෝදරයාද ත්‍රිරෝද රථයෙන් පිටතට පැන දිවගොස් ඇති අතර වෙඩික්කරු ඔහුට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

නමුත් වෙඩි පහර එම ස්ථානයේ බිමට සහ තාප්පයකට වැදී ඇති අතර හිස් පතරොම් කොපු හතරක් එම ස්ථානයේ තිබී සොයාගත් බව පොලිස් නිලධාරියකු පැවසීය.

කොටහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩි ජේ. ආර්. එස්. නිශාන්ත කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. පි. ලිහිණියකුල මහතා පරීක්ෂණ පවත්වයි

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

9 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago