Local

බණ්ඩාරගම අඹුසැමි යුවළක් බූරූ මුණාට රැකවරණය දීලා !

හංවැල්ල ආපනශාලාවකට පැමිණ එහි හිමිකරු ඝාතනය කිරීම ඇතුළු ඝාතන 13කට සම්බන්ධ මේ වනවිට පළාගොස් සිටින “බූරූ මූණා” නම් සැකකරුට රැකවරණය දුන් බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් අත්අඩංගුවට පත්ව තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළලකාය සඳහන් කළේ, අත්අඩංගුවට පත් අඹුසැමි යුවලේ පිරිමි පුද්ගලයා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු සාමාජිකයෙකු බවය.

2022 වසරේ දෙසැම්බර් 18 වැනිදා හංවැල්ල ආපනශාලාවකට පැමිණ එහි හිමිකරු ඝාතනය කිරීම ඇතුළු ඝාතන 13කට සම්බන්ධ බව පැවසෙන “බූරූ මූණා” නම් සැකකරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදාගෙන ඩුබායි බලා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය.

ආගමන විගමන නිලධාරීන් ඒ පිළිබඳ පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකරු ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව සැකකරුගේ සුවදුක් විමසීමට භික්ෂූන් වහන්සේ තුන්නමක් පැමිණ තිබූ අතර ඒ අතරවාරයේ “බූරු මූණා” මෝටර් රථයකින් පළාගොස් තිබුණි.

කෙසේවෙතත් අත්අඩංගුවේ පසුවන අවස්ථාවේදී සැකකරු පාපෝච්ඡාරණය කර තිබුණේ, හංවැල්ල ආපනශාලාවේ හිමිකරු ඝාතනයෙන් පසු බණ්ඩාරගම, මිල්ලනිය මල්වත්ත පාරේ පිහිටි නිවසක සැඟව සිටි බවය.

ඒ අනුව පොලීසිය විමර්ශන දියත් කළ අතර එහිදී අනාවරණය වූයේ “බූරූ මූණා”ට රැකවරණය දුන් නිවසේ අඹුසැමි යුවළ ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවය.

වැඩිදුරටත් සිදුකළ පොලිස් විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස පළාගිය සැකකාර අඹුසැමි යුවළ ඊයේ (05)නුවරඑළිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්වුණි.

එහිදී අනාවරණ වූයේ 35 හැවිරිදි සැකකාර පිරිමි පුද්ගලයා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයෙකු බවය.

නාවික හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු එම සැකකරු අදාළ සිද්ධියෙන් පසු සේවයට වාර්තා කර තිබුණේ නැහැ.

සැකකාර “බූරූ මූණා” පළායාමේ සිද්ධිය සම්බන්ධයෙන් හිමිවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට පත්වූ අතර කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ සැරයන්වරයාද රක්ෂිත බන්ධානාගාර ගත කෙරුණි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago