Local

ගව වසූරිය යළිත් හිස ඔසවයි !

2000 වසරේදී කිළිනොච්චියේ ප්‍රදේශ කීපයක් පුරා පැතිර ගිය මාරාන්තික ගව වසූරිය යළිත් වරක් එම පළාත්වල පැතිර යාම නිසා දින දෙකකදී ගවයින් 67 දෙනෙකු මියගොස් ඇතැයි කිළිනොච්චිය පශු වෛද්‍ය කාර්යාලයේ නිලධාරියෙක් අද ( 6 ) පැවසීය.
මෙවර ගවයින් වැඩිම සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ කිළිනොච්චියේ පූනරීන්, කරච්චි, පලෙයි, උරුතිරපුරම් සහ නීවිල් යන ප්‍රදේශ වලය.

මෙම රෝගයට වැඩි වශයෙන් ගොදුරු වී ඇත්තේ වයසින් අඩු ගවයින් වන අතර ඔවුන්ගේ සිරුරු පුරා විශාල බිබිලි හට ගෙන උණ වැළදීමෙන් පසුව ඔවුන් යාමට පටන් ගෙන තිබේ.

2000 වසරේදී කිළිනොච්චියේ මෙම ගව වසූරිය හේතුවෙන් ගවයින් 3347 ක් මියගොස් තිබුණි.

එහිදී මෙම රෝගය ගව වසූරිය බවත් එය වෛරස් රෝගයක් බවටත් තොරතුරු හෙළි වූ අතර මැස්සන් මදුරුවන් කෝදුරුවන් වැනි සතුන් එම රෝග වාහකයින් බවත් හෙළි කරගෙන තිබුණි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago