Local

පාසලේදීම අනග රැගුම් පෙන්නූ ගුරුවරයා අත්අඩංගුවට !

රත්ගම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවියකට හාදුවක් දුන් එම පාසලේම ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බැව් රත්ගම පොලිසිය පවසයි .
අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස් පස් හැවිරිදි වියේ පසුවන එම පාසලේ තාක්ෂණික විෂය උගන්වන ගුරුවරයෙකි

එක්දරු පියකු ද වන මෙම ගුරුවරයා මෙම පාසල් සිසුවිය පාසලේ පඩිපෙළ මතදී අතින් ඇද බදාගෙන හාදුවක් ලබා දී ඇති බැව් පොලිසිය පවසයි. මෙම පාසල් දැරිය පාසලේ ක්‍රීඩාංගනය තුළ සිටියදී පාසල් ගුරුවරයා විසින් ඇයට පන්ති කාමරයට ගොස් කවකටුව රැගෙන එන ලෙස පවසා ඇත.

පසුව මෙම ගුරුවරයාද පාසල් සිසුවියගේ පිටුපසින් ගොස් ඇත. ඇය පන්ති කාමරයට ගොස් කවකටුව රැගෙන පඩි පෙළ මතින් බැස යමින් සිටියදී ගුරුවරයා විසින් ඇයගේ අතින් ඇද හාදුවක් දී ඇති බැව් විමර්ශනවලදී අනාවරණය වී ඇත. පාසල් දැරිය මෙම පාසලේ 11 වසරේ ඉගෙනුම ලබන දැරියකි. ඇය මේ පිළිබඳ තම මිතුරියන්ට පැවසීමෙන් පසු පන්ති භාර ගුරුතුමිය විසින් විදුහල්පතිවරයාට දැනුම් දී ඇත.

මෙම සිද්ධිය පාසලේ සිසුන්ටද ආරංචි වී ඇති අතර ඔවුන් මෙම ගුරුවරයාට පහර දීමට උත්සාහ කොට ඇත. මේ නිසා ගුරුවරයා පාසලේ කාමරයක් තුළ දමා වසා ඇත.

මේ පිළිබඳව පොලීසියට දැනුම් දීමෙන් පසු පොලිස් නිලධාරීන් පාසලට ගොස් පාසල් දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago