Local

ප්‍රධාන විපක්ෂයෙන් මැතිවරණ කොමිසමට ලිඛිත දැනුම්දීමක් !

ප්‍රාදේශීය සභා මැතිවරණය මාර්තු 19 හෝ ඊට පෙර පවත්වන ලෙස ඉල්ලා ප්‍රධාන විරුද්ධ පක්ෂවන සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දන්වා තිබේ

මේ ලිපියේ පිටපතක් ද සහිතව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.සුමන්දිරන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණය පැවැත්වීමට ඇති එකම බාධාව ඉවත් කර ඇති බැවින් 2023 මාර්තු 19 හො ඊට පෙර මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය වගකීමක් බවය.

“ ඒ පිළිබඳ මැතිවරණ කොමිසම විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හෝ වෙනත් කිසිවෙක් විමසීමට කිසිම හේතුවක් අපට පෙනෙන්නේ නැත.” සුමන්තිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් එම ට්විටර් පණිවිඩයේ දක්වා තිබේ.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago