ඉන්දීය ජනප්රිය රංගන ශිල්පිනී දීපිකා පදුකෝන් ට මෙවර ඔස්කාර් එනම් ඇකඩමි සම්මාන උලෙළේ සම්මාන ප්රදානය කිරීමේ අවස්ථාව හිමිව තිබේ.
එම ඓතිහාසික අවස්ථාව මීට පෙර ඉන්දියානුවන් දෙදෙනෙකුට හිමිව ඇති අතර ඒ 2016 දී ප්රියංකා චොප්රා සහ 1980 දී පර්සිස් කම්බාටා ය.
95වැනි ඔස්කාර් සම්මාන උළෙල ලබන ඉරිදා අමෙරිකාවේදී පැවැත්වීමට නියමිතය.
ඇය මෙවර FIFA පාපාන්දු ලෝක කුසලානය නිරාවරණය කිරීමේ විශේෂ අවස්ථාවට ද හිමිකම් ලැබීය.