බංගලාදේශයේ ගිනිකොණදිග ප්‍රදේශයේ ඔක්සිජන් බලාගාරයක සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ.
තුවාල ලැබු පිරිස් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පිපීරීමෙන් අනතුරුව බලාගාරය තුළ ගින්නක් හටගෙන ඇති අතර මේ වන විට මළසිරුරු 6ක් සොයාගෙන ඇති බව වාර්තා වේ.
සහන කණ්ඩායම්වල මැදිහත්වීමෙන් මේ වන විට බලාගාරය තුළ ගළවාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව සඳහන් වේ.
එම පිපිරීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.