News

හැරී මේගන් යුවලට බකිංහැම් මාලිගාවෙන් නියෝගයක් !

සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය වන හැරී කුමරු සහ මේගන් කුමරියට ඔවුන්ගේ බ්‍රිතාන්‍යයේ ඔවුන්ගේ රාජකීය නිවස වූ ෆ්‍රොග්මෝර් කොටේජ් වෙතින් ඉවත් වන ලෙස බකිංහැම් මාලිගාව විසින් දන්වා ඇති බව ඔවුන්ගේ නිල ප්‍රකාශකයා තහවුරු කර තිබේ.

හැරී ඔහුගේ පුපුරන සුලු මතකයන් ලියා එළි දැක්වූ ස්පෙයාර් ප්‍රකාශයට පත් කිරීමෙන් දින කිහිපයකට පසු ජනවාරි මාසයේදී බකිංහැම් මාලිගය ඔවුන්ට දේපළ හැර යන ලෙස දන්වා ඇති බව වාර්තා වේ

බර්ක්ෂයර් හි වින්ඩ්සර් කාසල් පරිශ්‍රයේ පිහිටි නිදන කාමර 10 කින් යුත් ෆ්‍රොග්මෝර් කොටේජ් දිවංගත රැජින විසින් රාජකීය යුවළට දුන් තෑග්ගක් විය. එය II ශ්‍රේණියේ දේපලක් ලෙස ලයිස්තුගත කර තිබිණි.

එහෙත් බකිංහැම් මාලිගය මෙම නිවේදනය සම්බන්ධව අදහස් දක්වා නැති බව බීබීසී වාර්තා කරයි.

හැරී සහ මේගන් යුවල දැන් ඔවුන්ගේ දරුවන් දෙදෙනා වන ආර්චි සහ ලිලිබෙට් සමඟ මේ වනවිට කැලිෆෝනියාවේ ජීවත් වෙති.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago