Economy

රුපියලේ අගය ඩොලරයට සාපෙක්ෂව නැග්ගේ කෙහොමද ?

දීර්ඝ කාලයකට පසුව රුපියලේ අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉහළ නැග ඇති අතර අද දිනයේ ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 343.97ක් වූ අතර විකිණුම් මිල 356.73 ලෙස වාර්තා විය.

මහ බැංකුවේ දත්තවලට අනුව, ඊයේ දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 351.72 ක් වූ අතර විකුණුම් මිල වූයේ රුපියල් 362.95 කි. ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය ඉහළ යාමට ආසන්නතම හේතුව ලෙස විනිමය හුවමාරු වෙළෙඳපෙල විශ්ලේෂකයන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලරයේ ගැනුම් සහ විකිනුම් මිල අතර පරාසය රුපියල් 2.60 සිට රුපියල් 7.50 දක්වා ඉහළ නැංවීම බව ය.

ශ්‍රි ලංකා මහ බැංකු අද නිවේදනය කළේ ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය 353.65ක මධ්‍ය අගයක තබා රුපියල් 7.50ක ඉහළ හෝ පහළ ආන්තික අතර ගැනම් සහ විකිණුම් සිදු කරන ලෙසය. 2022 මාර්තු මාසයේ සිට රුපියල පාවෙන අගයකට පත් කිරීමෙන් පසුව රුපියලේ අගය රුපියල් 203 සිට රුපියල් 360 දක්වා කඩා වැටුණි. පසුව මහ බැංකුව එක්සත් ජනපද ඩොලරයට රුපියල 360 දක්වා අඩු කර අන්තර් බැංකු මත පදනම් වූ මාර්ගෝපදේශ අනුපාතයක් හඳුන්වා දුන්නේය. මහ බැංකුව අද සියලුම බලපත්‍ර ලාභී බැංකුවලට උපදෙස් දුන්නේ ඇමෙරිකානු ඩොලර් සහ රුපියල් අතර අන්තර් බැංකු ගනුදෙනුවල මධ්‍යස්ථ විනිමය අනුපාතිකය ලෙස රුපියල් 353.65ක් භාවිතා කරන ලෙසත්, එම අගයේ සිට රුපියල් 7.50ක් ඉහළ හෝ පහළ පරාසයක් තුළ පවත්වාගෙන යන ලෙසත්ය.

මෙයට අමතර ව පසුගිය වසරට සාපෙක්ෂව විදේශ මුදල් මෙරට බැංකු පද්ධතිය වෙත ලැබීම ද විනිමය වෙළෙඳපොළේ සුබදායී වර්ධනයට හේතු වී ඇති අතර මහ බැංකුව පසුගියදා සියලුම බැංකුවලට තමන්ට ලැබෙන ඩොලර් සංචිතවලින් මසකට අනිවාර්යයෙන් මහ බැංකුවට ලබා දිය යුතු ප්‍රතිශතයද සියයට 25 සිට සියයට 15ක් දක්වා පහත හෙළීමට ක්‍රියා කළේය.

Ceylon News Factory

View Comments

  • විදේශ ගත ශ්‍රමිකයන්ටට මරු පහරක් වැදුනේ නේ නිසා,ල0කාවේ බඩුමිල අඩුවෙලා නෑ,ඩොලරය අඩුවෙලා රුපියලේ අගය වැඩිවෙලා,මේවා කාව අන්දන්න කරන දේවල්ද?

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

12 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

13 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago