Local

මාධ්‍යවේදියෙක්ගේ මව සහ සුළුමවගේ ගිනිගත් මළ සිරුරු නිවසින් හමුවෙයි !

අකල්හි වියෝ වූ එම්.පියුසියස් නැමැති යාපනයේ මාධ්‍යවේදියාගේ මව සහ සුළුමවගේ ගිනිගෙන දැවී ගිය මළ සිරුරු දෙක යාපනයේ ඌර්ගවේරු ප්‍රදේශයේ ඔවුන්ගේ නිවසේ තිබී යාපනය පොලිසිය විසින් ඊයේ (25 ) සොයා ගෙන තිබේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 65 කට වැඩි ඇසිලින් පෝලිනා සහ යේසුදාසන් වික්ටෝරියා යන සහෝදරියන් දෙදෙනාය.

මෙම මළ සිරුරු දෙක ආසන්නයේ තිබූ ගිනිපෙට්ටියක්ද පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර කාන්තාවන් දෙදෙනා මියගියේ හා ඔවුන්ගේ සිරුරු වලට ගිනි ඇවුලුණේ කෙසේ දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

කාන්තාවන් දෙදෙනාගේ මරණ දෙක සියදිවි හානි කර ගැනීමක් ද එසේත් නොමැතිනම් මිනී මැරුම්ද යන්න පිළිබඳව ප්‍රකාශයක් කළ නොහැකි බව පොලිසිය ප්‍රකාශ කරයි.

මළ සිරුරු දෙක පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago