News

දියවැඩියා ඖෂධ හිඟය නිසා අසාධ්‍ය තත්ත්වයෙන් රෝගීන් වාර්තාවීම ඉහළට !

දියවැඩියා ඖෂධ හෝ එන්නත් නිසි මාත්‍රාවන්ගෙන් ලබා නොගැනීම හේතුවෙන් ප්‍රදේශයේ  දියවැඩියා රෝගීන්‌ගෙන් සියයට 80ක් පමණ දෙනාගේ රුධිරයේ සීනි මට්ටම පාලනය නොවි  සිඝ්‍රයෙන් ඉහළ යාමට පටන්ගෙන ඇතැයි බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ සඳහන් කරයි.

මේ හේතුවන් හෘදයාබාධ ඇතිවීම, රුධිර පීඩනය ඇතිවීම හෝ ඉහළයාම , අක්ෂි ආබාධ, තුවාල සුව නොවී පැවතීම, වකුගඩු අකර්මණ්‍ය වීම වැනි රෝග තත්ත්වයන් බොහෝමයක් ඇතිවීම හා තිබෙන රෝග වැඩිවීමක් සිදුව  ඇතැයි වෛද්‍ය රාජපක්ෂ පෙන්වාදේ.

දියවැඩියා රෝගීන්ට අවශ්‍ය ඖෂධ රෝහල් තුළ නොමැති විම හා තිබුණද එය ප්‍රමාණවත් නොවීම වැනි හේතු මත රෝගය මෙසේ ඉහළ යන බව හෙතෙම ‌පෙන්වා දේ.

විශේෂයෙන්ම රෝගීන්ට මාස දෙකකට ලැබිය යුතු ඖෂධ ලැබෙන්නේ මාසයකට පමණක් බැවින් ඉතිරි මාසයට රෝගියා ඖෂධ පිටතින් ගැනීමට වත්කමක් නොමැති නම් ඔහු මසට ලබාදෙන ඖෂධ නියමිත මාත්‍රාවන්ගෙන් ලබානොගෙන අඩු මාත්‍රාවන්ගෙන් ලබා ගැනීමට පෙළඹෙන බවත් මෙහි ප්‍රතිපලය වන්නේ රෝගියාගේ රෝගය සුව විම හෝ පාලනය වීම නොව තවත් වර්ධනය වීම බවත් වෛද්‍යවරයා පෙන්වාදේ.

මෙම තත්ත්වය හේතුවෙන් රෝහල්වල බෝනොවන රෝගීන්ගෙන් වාට්ටු පිරී යමින් පවතින බව ද හෙතෙම පෙන්වාදේ.

Ceylon News Factory

Recent Posts

වීඩියෝ ගේම් ක්‍රීඩා කිරීමට දුරකතනය නොදුන් නිසා දරුවෙක් සිය දිවි හානි කරගෙන !

යාපනයේ පෙරියවිලාන් ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේදී ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා. මේ දරුවා…

6 hours ago

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙලා ?

ඊයේ (16) පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති…

6 hours ago

මැතිවරණ විශේෂ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 60,000ක් !

2024 ජනාධිපතිවරණය විශේෂ රාජකාරී සහ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 60,000ක් යෙදවීමට තීරණය කර ඇති බව…

6 hours ago

නානුඔය බිහිසුණු අනතුරක් !

හැටන්, නුවරඑළිය මාර්ගයේ නානුඔය වින්ඩිකොනර් ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා මේ වනවිට…

6 hours ago

කඩවත සාදයක් වටලයි – තරුණයින් 14ක් අත්අඩංගුවට !

කඩවත නගරයේ හෝටලයක ෆේස්බුක් සාදයකට එක්ව මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණයින් 14දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…

7 hours ago

වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවූ හිමිනමක් අත්අඩංගුවට !

වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව කාර් රථයක් පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීරිගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරනු ලබන…

9 hours ago