රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධූරය සඳහා විපක්ෂය විසින් නම් කළ එකම අපේක්ෂකයා වූ ආචාර්ය හර්ෂ ද සිල්වාට එම ධූරය ලබා ගැනීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂය විසින් එම තනතුරට පත් කළ විපක්ෂයේ මන්ත්‍රී මයන්ත දිසානායකට ඉල්ලා අස්වන ලෙස සමගි ජන බලවේගයෙන් කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
මේ පිළිබඳව පැහැදලි කිරීමක් කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ විපක්ෂය විසින් දැරිය යුතු තනතුරක් වූ රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධූරයට විපක්ෂය ලෙස ඉදිරිපත් කර තිබුණේ ආචාර්ය හර්ෂ ද සිල්වාගේ නම පමණක් බවත් මයන්ත දිසානායක ගේ නම ආණ්ඩු පක්ෂයෙන් යෝජනා කර බහුතර බලයෙන් සම්මත කරගත් බවත්ය.
මාධ්‍ය අමතා ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.
“ මා කතානායක තුමාගෙන් ඇසුවා මයන්ත මේ තනතුර භාරගන්න කැමැත්ත ප්‍රකාශ කරලා තියනව ද කියලා. ඔහු කිව්වා දුරකථනයෙන් කතා කරලා කැමැත්ත ප්‍රකාශ කරලා තියනවා කියලා.”
“ ඊට පස්සේ මම මයන්තට එතන ඉඳන් කෝල් එකක් ගත්තා. අරන් ඇහුවා මයන්ත. පක්ෂයෙන් අපි යෝජනා කරන්නෙ හර්ෂගෙ නම. කතානායකතුමා කියනවා ඔබ තුමා කැමැත්ත ප්‍රකාශ කළා කියලා. ඔබතුමාගෙ කැමැත්ත ප්‍රකාශ කිරීම ඉල්ලා අස් කරගන්නව ද කියලා මං ඇහුවා. “ “ ඔහු කිව්වා ඉල්ලා අස්කරගන්න බෑ කියලා. “
මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී ද තියුණු සංවාදයක් ඇති විය. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් නම් කළ යුත්තේ විපක්ෂය විසින් මිස ආණ්ඩු පක්ෂය විසින් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකාරුණා ඉතා පැහැදිලිව ප්‍රකාශ කළේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…