Local

පැතුම් කණ්ඩායමෙන් ඉවතට – නවසීලන්තයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න !

තරග 02කින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම වසරේ මාර්තු මස පැවැත්වීමට සූදානම් කර තිබෙන දෙරට අතර ටෙස්ට් තරගාවලිය සඳහා එක්වන ක්‍රීඩකයින්ගේ සංචිතයට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට හිමිව තිබෙනවා.

17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට නවක ක්‍රීඩකයින් දෙදෙනකු ද කැඳවා තිබෙනවා.

ඒ නිශාන් මධුෂ්ක සහ මිලාන් රත්නායකයි.

මීට අමතර ව අත්දැකීම් සහිත ක්‍රීඩකයින් ගොන්නට පිතිකරණය ලැයිස්තුවෙන් කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා,දිනේෂ් චන්දිමාල් ඇතුළත් වනවා.

කෙසේවෙතත් මෙම තරගාවලියට ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන පැතුම් නිස්සංක ඇතුළත් කර නැහැ.

තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 27 වැනි දින නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago