Local

යාපනයේ සංගීත ප්‍රසංගයකට ලේසර් කිරණ සහ විෂ දුම් ප්‍රහාරයක් – විශාල පිරිසකට අක්ෂි ආබාධ !

යාපනයේ චාවාකච්චේරී ප්‍රදේශයේ ඊයේ (22) රාත්‍රියේ පැවති සංගීත ප්‍රසංගයකට සහභාගී වූ පිරිසකට කඩා කප්පල්කාරීන් පිරිසක් විසින්  එල්ල කළ ලේසර් කිරණ සහිත දුමාරයක් නිසා පුද්ගලයින් හැට දෙනෙකු පමණ   අක්ෂි රෝග වලට ලක්ව තිබේ.

සංගීත ප්‍රසංගය අතරවාරයේ එල්ල වූ මෙම දුමාරය නිසා අක්ෂි රෝග වලට ලක් වූවන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටින අතර එක් පවුලක සාමාජිකයින් හතර පස් දෙනා බැගින් මේ දුමාර ප්‍රහාරයට හා ලෙසර් කිරණ ප්‍රහාරයට ලක්ව තිබේ.

අක්ෂි රෝගවලට ලක් වූවන් කියා සිටින්නේ තරුණයින් පිරිසක් මේ ලේසර් කිරණ ප්‍රහාරය හා දුමාරය එල්ල කොට සංගීත ප්‍රසංගය පැවති ක්‍රීඩාංගණයෙන් පලා ගිය බවය.

ඔවුන් කලු පැහැති වැහි කබා පැළඳ යතුරු පැදිවල ගමන කරනවිට පළඳින හිස්වැසුම් පැළද සිටි බවද මේ ප්‍රහාරයට ලක් වූ පිරිස් ප්‍රකාශ කරයි.

සංගීත ප්‍රසංගය කඩාකප්පල් කිරීමේ අරමුණින් යුතුව මේ ප්‍රහාරය එල්ල කළ බව සංගීත ප්‍රසංගය සංවිධානය කළ පිරිස ප්‍රකාශ කරති.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

13 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

13 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago