ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ නගර සභාවට තරග වදින ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයකු ට බීමත්ව සිටි ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ දරුණු පහරදීමක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ව්‍යාපාරයක් පවත්වාගෙන කෝට්ටේ පදිංචි ධනක තුෂාන්ත නම් අයෙකි. ඔහු මේ වනවිට බරපතල තුවාල සහිතව අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
පහර කෑමට ලක්ව ඇති පුද්ගලයා තවත් පිටස්තර පුද්ගලයකු සමඟ ඇති කර ගත් කතා බහක් මැදට සිවිල් ඇඳුමින් පැමිණ ඇති බීමත් පොලිස් නිලධාරියා ඔහුගේ කමිසයෙන් ඇද තර්ජනය කර ඇති අතර එයින් පසුව ඇති වූ වචන හුවමාරුවක් කෙළවර අදාළ පොලිස් නිලධාරියා ග්‍රෑන්ඩ් පාස් පොලිසියේ තවත් නිලධාරීන් පිරිසක් සමග යළි පැමිණ ඔහුට මග දිගට පහර දෙමින් පොලිසියට රැගෙන ගොස් තිබේ.
පොලියි තුළ දී ද ඔහුට අමානුෂික ලෙස පහර දී ඇති බවට පැමිණිලි කර තිබේ. මෙම පහර දීම හේතුවෙන් හිසෙන් නාසයෙන්, කනෙන් ලේ ගැලීම් සිදුවන බවත් ඔහුගේ වම් අත කඩා දමා ඇති බවත් ඔහුගේ බිරිය කළ පැමිණිල්ලේ සදහන්ව ඇත.
කෙසේ වුවද මෙම සිද්ධියට මුල් වූ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා තමන් එම අවස්ථාවේ මත් පැන් පානය කර සිටි අතර වැරදීමකින් සිදුවූ පහර දීමක් බවට පවසා සිද්ධිය සමථයකට පත් කර ගැනීමට ආයාචනය කර ඇති බවද සඳහන් වේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…