වැස්ස අඩු වෙයි – අද දවසේ කාලගුණ වාර්තාව මෙන්න !

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

කොළඹ සිට ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා වැඩි විය හැක.

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු විය හැක.

මුහුදු රළ තරංග කාලය වැඩිවීම හේතුවෙන් මන්නාරම සිට පුත්තලම, කොළඹ හරහා ගාල්ල දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Ceylon News Factory

Recent Posts

අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි !

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින…

29 minutes ago

IPL වෙන්දේසියේ කෝටි ගණනකට අලෙවි වූ ළාබාලතම ක්‍රීඩකයා මෙන්න !

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…

5 hours ago

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ !

පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…

5 hours ago

උසස් පෙළ සිසුන්ට හදිසි දැනුම්දීමක් !

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට…

5 hours ago

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

18 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

19 hours ago