අරගල විරෝධතා මැද තනතුර අත්හැරිමට සිදුවූ හිටපු අගමැති මහින්ද රාජපක්ෂට යළි අගමැති ධූරය ලබාගන්නා ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ඔහුට යෝජනා කර තිබේ.
ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සනත් නිශාන්ත ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් පසුගියදා මෙම යෝජනාව කළ බව පොදු ජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මන්ත්‍රීවරු පිරිසක් මෙසේ යෝජනා කළ ද එම පෙරමුණේම මන්ත්‍රීවරු පිරිසක් ඊට විරුද්ධව යමින් මේ අවස්ථාවේ දී අගමැති ධූරය භාර නොගන්නා ලෙස ඉල්ලිමක් කර ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
රාජපක්ෂ කණ්ඩායමට මතුවී තිබූ ජනතා විරෝධය යටපත්ව තිබෙන මේ අවස්ථාවේ යලිත් අගමැති ධූරය ලබා ගැනීමෙන් අනවශ්‍ය අර්බුදයක් රට තුළ නිර්මාණය විය හැකි බව ඔවුන් පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් පොදුජන පෙරමුණ වශයෙන් සියලු දෙනා එකමුතුව එවැනි යෝජනාවක් කළහොත් ඒ සඳහා තමන් තීරණයක් ගැනීමට සූදානම් බව මහින්ද රාජපක්ෂ විසින් අදාල කණ්ඩායම් දෙකටම දන්වා තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…