බලපත්‍ර නොමැතිව ගිනි අවි ළඟ තබාගෙන සිටින පුද්ගලයින්ට එම ගිනි අවි පොලිසිය වෙත භාරදීම සඳහා සහන කාලයක් ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
2023 පෙබරවාරි 06 වැනි දින නිකුත් කරන ලද අංක 2318/02 දරන රජයේ ගැසට් පත්‍රය අනුව 2023 පෙබරවාරි 06 සිට 2023 පෙබරවාරි 15 දක්වා සහන කාලය ප්‍රකාශයට පත් කර ඇත.
එම සහන කාලය තුළ බලපත්‍රයක් නොමැතිව ළඟ තබාගෙන සිටින සියලුම තුවක්කු ළඟම ඇති පොලිස් ස්ථානයට භාර දිය යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
“සහන කාලසීමාව තුළ එවැනි බලපත්‍ර රහිත තුවක්කු භාර දෙන පුද්ගලයින්ට එරෙහිව නඩු පවරන්නේ නෑ… එම කාලසීමාව අවසන් වූ පසු බලපත්‍ර නොමැතිව තුවක්කු ළඟ තබාගෙන සිටින පුද්ගලයින් සොයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් දිවයින පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා…” ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
බලපත්‍ර නොමැතිව තුවක්කු ළඟ තබාගෙන සිටින සියලු දෙනාට අත්අඩංගුවට ගැනීමෙන් සහ නඩු පැවරීමෙන් වැළකීම සඳහා මෙම සහන කාලය භාවිතා කරන ලෙස රජය ඉල්ලා සිටී.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…