තුර්කියේ භූ කම්පනවලින් අනතුරුව අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ ජංගම දුරකතනය සොයා ගෙන තිබෙන බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.
කෙසේ වෙතත් ඇය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක සඳහන් කළේ.
මුල් අවස්ථාවේ, ඇය සිටි ගොඩනැගිල්ල කඩා වැටුණ බවටත්, ඉන් පසු ගොඩනැගිල්ල කඩා වැටීමට පෙර එහි සිටි පිරිස් ඉන් ඉවත්ව ඇති බවටත්, පසුව ඇයගේ ජංගම දුරකතනය හමුවූ බවටත් තොරතුරු තිබුණු බවට අදාළ නිලධාරිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
භූ කම්පනයේ බලපෑමට ලක්වූ ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු සිට ඇති බවත් ඉන් 13 නිරුපද්‍රිතව සිටින බවට ත් තොරුතුර ඇති බවත් තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළා.
මේ අතර තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතීනම් ඒ පිළිබඳව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශය වෙත වහාම දැනුවත් කරන ලෙස තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති දිසානායක මහත්මිය පැවසුවා.
ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු වෙතොත් දැනුම්දීමට සහ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ විමසීම සඳහා පහත දුරකථන අංක හරහා තුර්කි තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකියි.
00903124271032
00905344569498
තුර්කිය තුළ ශ්‍රී ලාංකිකයින් 270 දෙනෙකු පමණ රැඳී සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා.
තානාපති කාර්යාලය හරහා ලියාපදිංචි වී ඇති පුද්ගලයින් පිළිබඳ මේ වන විට සොයාබැලීම් සිදුකරන අතර ආපදාවට ලක්වූ ප්‍රදේශයේ සිටි එක් අයෙකු පිළිබඳව පමණක් මෙතෙක් තොරතුරක් ලැබී නොමැති බව තානාපතිවරිය සඳහන් කළා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…