බදු ගෙවීම් පැහැර හැර ඇති පුද්ගලයින් සහ පිරිස් හඳුනා ගැනීම සඳහා ප්‍රාදේශීය පරිපාලන ඒකක සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර සම්බන්ධීකරණයක් ඇතිකර ගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමය සමග පැවැති සාකච්ඡාවකදී ඒ සඳහා සහයෝගය ලබාදීමට ඔවුන් ද එකග වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
රට ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්ත්වයක පවතින මෙම අවස්ථාවේ හුදෙකලා තීන්දු ගැනීම අහිතකර බව ද එම සාකච්ඡාවේදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණය හිමි රටවල යෝජනාවන්ට අභියෝග නොවන පරිදි තීන්දු ගත යුතු බව ද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.
මෙම අවස්ථාවේ ජනප්‍රිය තීන්දු ගැනීම වෙනුවට රටේ ඉදිරිය ගැන සිතා වැදගත් තීන්දු ගැනීම රජයේ වගකීම බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙහිදී පෙන්වා දී ඇත්තේ. ඇතැමුන් මැතිවරණ වේදිකාව තුළ රටේ අර්බුද විහිළුවට ගෙන තිබීම කණගාටුවට කරුණක් බවයි රාජ්‍ය අමාත්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.
පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා කිසියම් පාර්වයක් යම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නම් ඔවුන්ට රජය හෝ පරිපාලනය භාරදීමට සූදානම් බවයි රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමය සමග පැවැති සාකච්ඡාවේදී මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
උබලා ඔක්කොටම කරන්න බෑ,මොකද පක්ෂ දෙකේම ඉන්නේ හොරු,ඉල්ලා අස්වෙලා පලයව්,රට බාරගන්න තරුන පරම්පරාවක්ම ඉන්නවා,
Ane me pakaya kiyana ewa kaudai bolan ganan ganne pissu huththek