PUCSL පෙත්සම ගැන අධිකරණයෙන් දුන් නියෝගය !

300 Views
0 Min Read

අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදුකිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම ගොනුකළ පෙත්සම සලකාබැලීමට මේ මස 8 වනදා එය කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (06) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එදින මෙම නඩුවට අදාළ ලේඛන ඉදිරිපත් කිරීම සඳහාත් අධිකරණය මහජන උපයෝගීතා කොමිසමට අවසර ලබා දුන්නේය.

Share This Article
Leave a comment