තුර්කියේ සඳුදා ඇති වූ භූමිකම්පාවෙන් විපතට පත් ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් හය දෙනෙකු ආරක්ෂිතව සිටින බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති දිසානායක පවසනවා.
ඒ අනුව Citizen වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඇය සඳහන් කළේ, තානාපති කාර්යාලයේ ලියාපදිංචිවී ඇති ශ්‍රී ලාංකිකයන් 9 ක් මෙම ප්‍රදේශවල සිටින බවත් ඒ අතරින් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට ගොස් ඇති බවට විශ්වාස කරන අතර එක් අයෙකු සම්බන්ධයෙන් විස්තර ලැබී නොමැති බවයි.
තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් 272 දෙනෙකුගේ පමණ වාර්තා තමන් සතුව ඇති බවත් ඔවුන්ගෙන් වැඩි පිරිසක් භූමිකම්පාවෙන් පීඩාවට පත් නොවූ ඉස්තාන්බුල් හි සිටින බවත් තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළා.
රික්ටර් මාපකයේ 7.8 ක ප්‍රභල භූමිකම්පාවකින් සහ පසු කම්පන කිහිපයකින් තුර්කියේ සහ සිරියාවේ විශාල විනාශයක් සිදුව ඇති අතර මෙම ප්‍රභල භූ කම්පනයෙන් මේ වන විට පුද්ගලයින් 350 ක් පමණ මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…