සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැදවීම අද සිට !


2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම්පත් කැඳවීම අද සිට සිදු කෙරෙනවා. එය ලබන 28 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකරන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව සියලුම පාසැල් අයදුම්කරුවන් තම පාසැලේ විදුහල්පතිවරයා මඟින්ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවා.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eis මඟින්ද නිල ජංගම දුරකතන යෙදුමක් වන Exams SRILANKA වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුවම නිවැරදි අයදුම්පත් ඉදිරිපත් කළ යුතුයි. අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබාගත යුතු බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා. 

ලබන 28 වනදා දින මධ්‍යම රාත්‍රී 12 න් පසුව මාර්ගගත ප්‍රවේශය වසා තැබෙන අතර කිසිදු හේතුවක් මත හෝ අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 

Team CNF

View Comments

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago