නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුව කල්යයි !

235 Views
1 Min Read

75 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද නොපැවැත්වෙන බව, පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ඒ අනුව අද මාර්ග වසා තැබීමක් සිදුනොවනු ඇති.

නිදහස් දින පෙරහුරු හේතුවෙන් ප්‍රකාශයට පත් කළ මාර්ග සැලසුම යළි ක්‍රියාත්මක වන්නේ, ලබන පළමු වැනිදා සිට පෙබරවාරි 4 වැනිදා දක්වා ය.

රථවාහන සැලසුමට අනුව උදෑසන 05 සිට දහවල් 12 දක්වා කාලය තුළ කොළඹ ගාලුමුවදොර කේන්ද්‍ර කරගනිමින් මාර්ග 20ක් වසා තැබෙන අතර වාහන ගමනාගමනය ද සීමා කෙරේ. 

අදාළ කාලසීමාවේදී එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට පොලිස් රථවාහන නිලධාරීන්ගේ උපදෙස් මත ගමන් කළ හැකියි.

Share This Article
1 Comment