Netflix ‘freeloaders’ භාවිතා කරන්නන් දිගු කාලයක් බියෙන් සිටි, නමුත් සැබෑවටම සිදුවෙමින් පවතින අසුභ ආරංචියක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව එළඹෙන මාර්තු මස අග සිට Netflix සඳහා කිහිපදෙනෙකුට පොදු වූ මුර පදයක් භාවිතා කිරීමේ පහසුකම ඉවත් කිරීමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් එම සමාගම කොටස් හිමියන් ලිපියක් මඟින් දැනුවත් කිරීම සිදුකර තිබෙනවා.
එම සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ Netflix ‘freeloaders’ භාවිතා කරන්නන් මිලියන 100 කට අධික සංඛ්‍යාවක් සිටින බවයි.
කෙසේ වෙතත්, මෙම පහසුකම ඉවත්කිරිමත් සමඟම විකල්පයක් හඳුන්වාදීමටද ඔවුන් කටයුතු කර තිබෙනවා.
ඒ අනුව එම පුද්ගලයින්ට Netflix ‘freeloaders’ පහසුකම නව ගෙවන ලද ගිණුමකට මාරු කිරීමට හැකි වනු ඇති.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් Netflix ආයතනය පැවසුවේ දශකයකට වැඩි කාලයක් තුළ තම ජාලය භාවිතා කළ පළමු ග්‍රාහකයින් අහිමි වීම කනගාටුවට කරුණක් බවයි.
එමෙන්ම මේ හේතුවෙන් 2022 ‘දුෂ්කර වසරක්’ වූ බවත් එසේ අහිමි වූ ග්‍රාහකයින් ගණන 200,000ක් වූ බවත් සඳහන්.
මේ හේතුවෙන් Netflix සමාගම පවසන්නේ Netflix ‘freeloaders’ පහසුකම තවදුරටත් සැපයීම මඟින් සිය ව්‍යාපාරය වැඩිදියුණු කිරීමට සහ ගොඩනැගීමට ඇති දිගුකාලීන හැකියාව අඩපණ කරන බවයි.
2024 මහමැතිවරණයේ රත්නපුර තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා. ජාතික ජනබලවේගය 24776 සමගි…
2024 මහමැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා. ජාතික ජනබලවේගය 32,296…
මැතිවරණ රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු සහ වෙනත් සිවිල් නිලධාරීන් දෙදෙනකු හදිසි රෝගාබාධ තත්වයන්…
වවුනියාවේ වෙලිකුලම විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය විමසන ලද මුල් පැය දෙක ඇතුළතදී ඡන්ද…
දඹානේ ආදිවාසී ප්‍රජාව පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම වර්ජනය කර තිබේ. මේ අතර තමන්ගේ…
දුම්රිය රියදුරන් සහ රිය සහයකයන් නොමැති වීම හේතුවෙන් අද දින ධාවනය වීමට නියමිතය තිබූ දුම්රිය…