තර්ස්ටන් සිසුන් රැගත් බසයක් ප්‍රපාතයට පෙරලෙයි !

නුවරඑළිය – නානුඔයේ දී මීට ටික වේලාවකට (20) පෙර මාරක අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන්.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ,තර්ස්ටන් විද්‍යාලයේ අධ්‍යාපන චාරිකාවකට එක් වූ සිසුන් රැගත් බස් රියක් සහ දික් ඔය දෙස සිට නානුඔය දෙසට ධාවනය වෙමින් තිබූ පවුලේ චාරිකාවකට එක් ව සිටි පිරිසක් රැගත් වෑන් රියක් බවයි වාර්තා වන්නේ.

නුවරඑළිය – නානුඔය මාර්ගයේ බස් රථයකට ගමන් කිරීමට ඉතා අපහසු විශාල බෑවුම් පෙදෙසෙකින් දික් ඔය දෙසට අදාළ බස් රථය වේගයෙන් පැමිණීමත් සමග, බෑවුම් ප්‍රදේශයේ දී බස් රථයෙහි තිරිංග යෙදීමට රියදුරු උත්සාහ කළ ද, තිරිංග එහි අක්‍රීය වී ඇති බවයි දැනට ලැබෙන ආරංචි මාර්ගවලින් අනාවරණය වී ඇත්තේ.

බස් රථයෙහි තිරිංග තද නොවීම මත, පහළ බෑවුම දෙසින් ආ වෑන් රියෙහි ගැටී, බස් රිය විසි වී ගොස්, වෑන් රියට පසුපසින් ආ ත්‍රිරෝද රථයක ද ගැටී මාර්ගයේ එක් පසෙක ඇති ප්‍රපාතයට පෙරළී ගොස් තිබෙනවා.

.අනතුරින් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ වෑන් රථයේ හය දෙනා සහ ත්‍රී වීල් රථ රියදුරා බව වාර්තා වෙයි

මේ වන විට තුවාලකරුවන් නුවරඑළිය රෝහලට රැගෙන එන අතර ඔවුනට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි නුවරඑළිය රෝහලේ අධ්‍යක්ෂ මහේන්ද්‍ර සෙනවිරත්න මහතා පවසයි.

බස් රථයට සහ ත්‍රිරෝද රථයට ද දැඩි හනි සිදුව ඇති අතර වෑන් රථය හැටන් කුඩාගම ප්‍රදේශයෙක් වෑන් රථයක් බව ද දැනට හඳනාගෙන ඇත. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයෙන් නව දෙනකු ගමන් කර ඇතැයි ද පොලිසිය පවසයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago