මෛත්‍රිට කෝටි 10 ක් හොයන්න ජනප්‍රිය නළුවෙක් කැට හොල්ලයි !

213 Views
1 Min Read

යූ ටියුබ්කරුවකු සහ සමාජ ක්‍රියාකරුවකු වන සුදත්ත තිලකසිරි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ මූලික අයිතිවාසිකම් නඩුවෙන් රුපියල් කෝටි 10ක් වන්දියක් ලෙස ගෙවීමට නියම වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එම වන්දිය ගෙවීමට මහජන අධාර පැතීමේ කැට ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. ඊයේ එම කැටයෙක් එකතු කළ මුදල වූ රුපියල් 1810ක මුදලක් හිටපු ජනාධිපතිවරයා වෙත ගොස් ලබා දී ඇත.

කොළඹ නගරයේ ස්ථාන කිහිපයකදී ඔහු මෙම මුදල් එකතු කර ජනාධිපතිවරයා වෙත භාර දීමට කටයුතු කර ඇති සුදත්ත තිලකසිරි සිය සමාජ ජාල ගිණුමෙහි පවසන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අහිසංක පුද්ගලයකු වන අතර ඔහුට මෙම වන්දිය ගෙවිය නොහැකි බවයි. ඒ නිසා කොළඹ කොටුවේ කැට හොල්ලා එකතු වූ මුදල මෙසේ භාර දුන් බව පවසා ඇත.

Share This Article
1 Comment