මැතිවරණ කොමිෂන් සභාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ දැනුම්දීමක් !

2023 පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව අද (18) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

ඉන් පෙන්වා දී ඇත්තේ පළාත් පාලන මැතිවරණ පනතට අනුව නාමයෝජනා භාරදීම අවසන් වූ පසු මැතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු සම්පාදනය කරන බවය.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදිය නොහැකි බවට මහා භාණ්ඩාගාරය විසින් මේ දක්වා දැනුම්දීමක් සිදුකර නොමැති බවද මැතිවරණ කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ.

රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බැවින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමෙ තීරණය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර මහතා ගොනු කළ රිට් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම දැනුම්දීම සිදු තිබුණි.

මෙම පෙත්සම අද ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමට අදාළව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට තම සේවාදායකයාට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.

මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම සලකාබැලීම සඳහා ආසන්න දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා තිබුණි.

ඒ අනුව මෙම පෙත්සමට අදාළව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයාට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම සලකාබැලීම සඳහා පෙබරවාරි මස 10 වනදා කැඳවන ලෙස නියම කළේය.

රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් මතුවී තිබියදී පළාත් පාලන ඡන්දය මෙම අවස්ථාවේදී පැවැත්වීම තුළින් මහ ජනතාවට කිසිඳු යහපතක් නොවන බැවින් එය පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

3 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

3 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago