තුරග තරග පිටියේ දී සිදු වූ සරසවි සිසුවියගේ ඝාතනයට හේතුව මෙන්න !

කොළඹ තුරඟ තරග පිටියේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක ඇයගේ පෙම්වතා විසින් ඝාතනය කර ඇත්තේ, වෙනත් සබඳතාවක් මුල් කරගෙන බව මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණ වී තිබෙනවා.

මෙම සිසුවිය විසින් තවත් තරුණයෙකු සමඟ සබඳතාවක් පවත්වා ඇති අතර, ඒ අනුව ඝාතනය සිදු කළ සිසුවා සහ ඇය අතර මතභේදයක් හටගෙන තිබුණා.

පෙම්වතිය වෙන කෙනෙකුගේ වෙනවා දැකීමට ඇති අකැමැත්ත නිසා මෙය සිදු කළ බව සිසුවා ප්‍රකාශ කර ඇති බව ද මේ වන විට විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.

ඒ පිළිබඳ සාකච්ඡා කර ඔවුන් දෙදෙනා අතර ඇති ප්‍රේම සබඳතාව නැවැත්වීම සඳහා ඊයේ (17) දිනය යොදාගෙන ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනා කොළඹ තුරග තරග පිටියට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී සිසුවා විසින් සිසුවියගේ ගෙළ ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දීමෙන් ඇය එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත්වුණා.

සැකකාර සිසුවා වැල්ලම්පිටිය පොලිසිය මගින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත්තා.

ඝාතනයට ලක්ව තිබුණේ 24 හැවිරිදි හෝමාගම – කිරිවත්තුඩුව – පුබුදු උයන ප්‍රදේශයේ පදිංචි කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන සිසුවියක්.

ඇගේ පෙම්වතා වන සිසුවාද එම පීඨයේම තුන්වන වසරේ ඉගෙනුම ලබනවා.

සිද්ධියෙන් පසු මියගිය සිසුවියගේ පියාගේ මාර්ගයෙන් සැකකරු පදිංචි නිවස සොයාගෙන ඇති පොලිසිය ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේ දී ඝාතනය සඳහා යොදාගත් උල් පිහිය, ලේ තැවරුණු ටී ෂර්ටය සහ බෑගයක් සොයාගත්තා.

කෙසේ වෙතත් සැකකරු එම අවස්ථාවේ නිවසින් පලා ගොස් ඔහු පදිංචි නිවස පිහිටි වත්තේ සැඟව සිට තිබෙනවා.

ඒ, රාත්‍රී කාලයේ දී කැළණි ගඟට පැන සියදිවි හානිකරගැනීමේ අරමුණින්.

කෙසේ වෙතත් කඩිනමින් ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගත්තා.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

5 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago