ආර්ථික අර්බුදය නිසා දරුවන්ගේ පාසල් පැමිණීම අඩු වෙලා !

පාසල් පොත් හා පාසල් උපකරණ මිල ඉහල යාම හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයේ බොහෝ පාසල්වල සිසුන්ගේ පැමිණීම පහල මට්ටමකට වැටී ඇති බව විදුහල්පතිවරුන් කිපදෙනෙකුම පවසනවා.

තම අනන්‍යතාවයන් හෙලි නොකරන ලෙස ඉල්ලමින් මේ පිලිබදව වැඩිදුරටත් කරුණු දක්වන එම පිරිස පවසනුයේ ජනවාරි මාසයේ පාසල් ආරම්භයත් සමග තම පාසල්වලට පැමිනෙන සිසුන්ගේ යම් අඩුවිමක් දක්නට ලැබුන බවයි.

එම තත්වයන් පිලිබදව සොයා බැලිමේදි පවතින ආර්ථික අර්බුද හමුවේ එම දරුවන්ට අවශ්‍ය පාසල් පොත් හා පාසල් උපකරණ ලබා දිමට එම දරුවන්ගේ දෙමාපියන්ට නොහැකිවීම මත එම දරුවන් පාසල් නොපැමිනෙන බවද ඔවුන් පවසනවා.

නාගරික ග්‍රාමිය මට්ටමට වඩා මෙය වතුකරය තුල දැඩි ලෙස පවතින බවත් මේ වන විට වතු කම්කරුවන්ගේ ආර්ථිකය දැඩි ලෙස පසු බැසීමකට ලක් විමෙන් වතුකරයේ දරුවන්ගේ පාසල් පැමිණීමට විවිධ බාධා එල්ලවි ඇති බවද එම පිරිස් වැඩි දුරටත් පවසනවා.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

1 hour ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

2 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

1 day ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

1 day ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago