බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලික රෝහලක් තුළදී සිදුකරන ලද වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධකාගාරගත කර තිබේ.
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එළැඹෙන 31 වනදා දක්වා එම සැකකරුවන් රක්ෂිත බන්ධනාගත කළ බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.
මුදල් ලබාදෙන බව පවසමින් දිළිඳු පවුල්වල පුද්ගලයින් රවටා මෙම පිරිස විසින් වකුගඩු ජාවාරම සිදුකර ඇති බව පොලීසිය පවසයි.
සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙක් තැරැව්කරුවන් වන අතර අනෙක් දෙදෙනා ඒ සඳහා ආධාර අනුබල දුන් ග්‍රාමසේවා නිලධාරීන් දෙදෙනෙකි.
එක් තැරැව්කරුවෙක් මීට පෙර දිනයක දී අත්අඩංගුවට ගෙන තිබූ අතර අනෙක් තිදෙනා ඊයේ (16) කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…