පුංචි ඡන්දය ගැන මැතිවරණ කොමිසමේ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි

පළාත් පාලන මැතිවරණය සැලසුම් කළ පරිදි පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිසම සිකුරාදා (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර මහතා ගොනු කළ පෙත්සමක් සිකුරාදා (13) කැඳවූ අවස්ථාවේදී මැතිවරණ කොමිෂන් සභාව මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.විශ‍්‍රාමික ශ‍්‍රී ලංකා යුද හමුදා කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර මහතා පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරෙන සූදානම බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අයදුම්පතක් ගොනුකර තිබිණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු එස්.තුරෙයිරාජා සහ ජනක් ද සිල්වා යන මහත්වරුන් ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය.ජාතික මැතිවරණය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ පළාත් පාලන මැතිවරණය සැලසුම් සහගතව සිදු කරන බවයි.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි කනිෂ්ඨ නීතීඥවරයෙකු අධිකරණයට දන්වා සිටියේ එම අයදුම්පතේ සංශෝධන කිහිපයක් සිදුකිරීමට නියමිත බවයි.මෙම පෙත්සම ජනවාරි මස 18 වැනිදා කැඳවන ලෙස ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ එදිනට ඊට අදාළ තවත් පෙත්සමක් ගොනු කිරීමට නියමිත බව සඳහන් කරමිනි.ඒ අනුව පෙත්සම 2023 ජනවාරි 18 වැනි දින කැඳවීමට නියමිතය.

Ceylon News Factory

Recent Posts

රාජිත සේනාරත්න නිදොස් කොට නිදහස් !

සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට…

6 hours ago

උසස් පෙළ විභාගයේ සංශෝධිත කාල සටහන මෙන්න !

අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම…

8 hours ago

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළට !

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම…

8 hours ago

උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා !

නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය…

8 hours ago

ට්‍රැක්ටර් අනතුරට අදාළව විදුහල්පති සහ ගුරුවරයෙක් රිමාන්ඩ් !

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන්…

8 hours ago

ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි – අද කාලගුණය මෙන්න !

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට…

9 hours ago