අද (12) සිට දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කිරීමට ගෙන තිබූ තීරණය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ කර තිබුණේ, දුම්රිය ධාවනය සඳහා ප්‍රමාණවත් කාර්යමණ්ඩලය නොමැතිවීම හේතුවෙන්දුම්රිය ගමන්වාර 42ක් අද සිට සිට නැවත දැනුම්දෙනතුරු අවලංගු වන බවයි.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 20 ක් ද , පුත්තලම් මාර්ගයේ 04 ක් ද , කැළණිවැලි මාර්ගයේ 02ක් හා මුහුදුබඩ මාර්ගයේ 16 ක් ද මේ සඳහා ඇතුළත්ව තිබුණා.