වෙළෙඳ සැණකෙළියේ හොල්මන් මන්දිරය තුළ මළ මිනියක චරිතය නිරූපණය කළ පාසල් සිසුවකුට මිනී පෙට්ටිය තුළ දී පහර දී තුවාල සිදුකිරීමේ පුවතක් හක්මන ප්‍රදේශයෙන් වාර්තාවේ.
හක්මන ඩැනී අබේවික්‍රම ක්‍රීඩාංගණයේ මේ දිනවල වෙළෙඳ සැණකෙළියක් පැවැත්වෙන අතර පාසල් සිසුහු පිරිසක් එහි හොල්මන් මන්දිරයක් පවත්වා ගෙන යති.
ආලෝකය නොමැති ලෙස හොල්මන් මන්දිරය අඳුරු කර ඇති අතර තුවාලකරු මිනී පෙට්ටිය තුළ මළමිනියක් ලෙස වැතිර සිටින අවස්ථාවේ අඳුරේම පැමිණි තවත් සිසුවකු මෙලෙස පහරදීම සිදුකොට පලාගොස් ඇති බව සැලවේ.
පහර කෑමෙන් පසු එම සිසුවා ඒ බව එහි සිටි පොලිස් නිලධාරින්ට දන්වා ඇති අතර පහරදීම සිදුකළා යැයි සැක කෙරෙන තවත් සිසුවකු හොල්මන් මන්දිරය නරඹමින් සිටි ජනතාව විසින් අල්ලා පොලිසියට බාර දී ඇති බවද වාර්තාවේ.
හක්මන ප්‍රදේශයේ ප්‍රධාන පාසලක අංශ දෙකක සිසුන් පිරිසක් අතර ඇති ගැටුමක් හේතුවෙන් මෙලෙස පහරදීම සිදුකර ඇති බව පැවසෙන අතර සිදුවීම සම්බන්ධයෙන් හක්මන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…