නව කැබිනට් අමාත්‍යවරුන් 12දෙනෙකු සහ ආණ්ඩුකාරවරුන් 06දෙනෙකු මේ මස අග පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් වැඩි දෙනෙකුට මෙහිදී අමාත්‍ය ධූර හිමිවනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසකට අමාත්‍යධූර මෙයට පෙර පිරිනැමීමට නියමිතව තිබුණත් එය කල් ගොස් තිබුණා.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාටද අමාත්‍ය ධූරයක් පිරිනැමීමට නියමිතව ඇතැයි වාර්තා වනවා.
මේ අතර එක්සත් ජාතික පක්ෂයට මධ්‍යම, බස්නාහිර සහ සබරගමු පළාත්වල ආණ්ඩුකාරවරුන් නම් කිරීමේ අවස්ථාව ලබාදීමටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දකුණ, සබරගමුව, වයඹ සහ නැගෙනහිර පළාත් සඳහා ආණ්ඩුකාරවරුන් නම් කිරීමේ අවස්ථාව ලබා දීමටත් එකඟත්වය පළ වී ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.
තමන්ට ආණ්ඩුවෙන් කිසිම සැලකිල්ලක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පසුගියදා පැමිණිලි කර තිබුණා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
ඔව් එච්චරයි අඩු යකෝ තොපි හිතුවද අපිට අමතක වෙලා කියලා තව ටිකයි උඹලට ඔහොම යං
මෙ රට බංකොලොත් කලේ දේශපාලකයො තමයි.රටටම මන්ත්‍රී වරුන් 25 ක් ඇති. ඒ 25 ටම ඇමතිකම් දෙන්න පුළුවන් .ජනාධිපති තනතුර අහෝසි කලයුතු යී. එවිට රට ගොඩගන්න පුළුවන්.
මෙ රට බංකොලොත් කලේ දේශපාලකයො තමයි.රටටම මන්ත්‍රී වරුන් 25 ක් ඇති. ඒ 25 ටම ඇමතිකම් දෙන්න පුළුවන් .ජනාධිපති තනතුර අහෝසි කලයුතු යී. එවිට රට ගොඩගන්න පුළුවන්.