හෝමාගම තාක්ෂණ පීඨ සිසුවෙකු අභිරහස් ලෙස මියයයි !

හෝමාගම දියගම පිහිටි සරසවියේ තාක්ෂණ පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙකු නේවාසිකාගාරය තුළ දී ය අභිරහස් ලෙස මිය ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පොතුහැර කටුපොත “නන්දන ගෙදර” පදිංචි නවුම්පලගේ මලිත් යශෝධ (25) හැවිරිදි දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු බව පොලිසිය කියයි .

මෙම සිසුවා නිවාඩු ලබා නිවසට ගොස් සිට ඉකුත් 01 දා නැවත සරසවියට පැමිණ ඇති අතර ඔහු සමඟ නේවාසිකාගාරයේ කාමරය තුළ සිටින අනෙක් මිතුරා නිවාඩු ලබා පැමිණ නොසිටීම හේතුවෙන් මොහු පමණක් කාමරයේ සිට ඇතැයි පැවසේ .

ඒ අනුව 02 දා දහවල් වනතෙක් මොහු කාමරයෙන් පිටතට නොපැමිණීම නිසා වෙනත් මිතුරෙකු ඔහු නිදා සිටින කාමරය අසලට ගොස් බැලීමේදී ඒ තුළ ඔහු නිදා සිටිනු දැක ඇතැයි පැවසේ.

පසුව එම මිතුරා කාමරය තුලට ගොස් අවදි වන ලෙස මොහුට කතා කළ ද ඊට ප්‍රතිචාර නොදැක්වීම නිසා මිතුරා ඔහු අසලට ගොස් සිරුරට අත තබා නැගිට්ට වීමට සූදානම් වීමේ දී ඔහුගේ සිරුර සීතල බවකින් යුක්ත වීම නිසා, සැක සිතී ඒ බව පාලනාධිකාරිය දැනුවත් කොට ක්ෂණයකින් ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කොට ඇතැයි පැවසේ.

එහිදී මෙම සිසුවා පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහු මියගොස් ඇති බවයි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එය අනාවරණය කර ගැනීම සඳහා මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චිත්තක උදය කුමාර මහතා විසින් සිදු කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලිසිය පරීක්ෂණ පවත්වති.

Ceylon News Factory

Recent Posts

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් !

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරයේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශවල…

9 hours ago

විදේශීය සිසුන් ගැන කැනේඩියානු රජයෙන් දැනුම් දීමක් !

අධ්‍යාපන ආයතන සඳහා විදෙස් සිසුන් බඳවා ගැනීම තවදුරටත් අවම කිරීමට කැනේඩියානු රජය තීරණය කර තිබෙනවා.…

16 hours ago

ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර ගැටලුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් !

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ,…

17 hours ago

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 305 යි !

සංචාරක නවසීලන්තය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු…

17 hours ago

ආහාර විෂවීමකින් 500ක් රෝහලේ !

පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේ ප්‍රධාන පෞද්ගලික ඇඟලුම් කර්මාන්තයක ආහාර විෂ වීමකින් අසාධ්‍ය වූ එහි සේවක සේවිකාවන්…

18 hours ago

කෙහෙළියගේ පුතාට අයත් නිවාස දෙකක් පරිහරණය තහනම් කරමින් අධිකරණ නියෝගයක් !

හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම්…

18 hours ago