අධික ණය බර දරාගත නොහැකිව, මව දරුවන් දෙදෙනාට වස පොවලා !

අධික ණය බරින් සිත්තැවුලට ගාල්ල ප්‍රදේශයේ මව විසින් වස බොන ලද දරුවන් දෙදෙනාගෙන් වයස අවුරුදු 05 වියේ පසු වූ පිරිමි දරුවා ඊයේ (01) අලුයම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව නාල්ල පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ නාල්ල තලාහේන පින්කුබුර වත්ත පදිංචි පේෂාන් අසින්ත සංදීප නමැති පස් හැවිරිදි පිරිමි දරුවා ය.

පෙර පාසල් වියේ පසුවන මෙම දරුවා මේ වසර සඳහා පාසලට ඇතුළත් වීමට සිටි දරුවෙකු බවද පොලිසිය කියයි .

මව විසින් වස පොවන ලද වයස අවුරුදු 08ක් වන ගැහැනු දරුවා තවමත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් දැරියගේ තත්ත්වය බරපතළ නොවන බවට රෝහලෙන් වාර්තා වන බව ද නාල්ල පොලීසිය කියයි .

එසේම වස පානය කිරීමෙන් වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින 31 හැවිරිදි මවගේ තත්ත්වය ඉතා බරපතළ බවට වාර්තා වන බව ද නාල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.කේ.විමලරත්න පැවසීය .

Ceylon News Factory

View Comments

  • එන්න අපි තවත් නිල් කොල පාටට චන්දය දීලා වසපානය කරමු.මේ තරම් මිනිසුන්ට නය වෙන්න කාලකන්නී පාලකයො හොරාකාපු සල්ලි කොපමණද,මුන්ට තවත් කඩේ යන එවුන්ට මොනවද කියන්න තියෙන්නේ,පව් අහිංසක දරුවෝ,

  • එන්න තවත් නිල් කොල පාටට චන්දය දීලා අපි වහබොමු.කාලකන්නී පාලකයින් රට ජනතාව විනාශ කරා,මුන්ට කඩේ යන එවුන්ට කොන්දක් තියෙනවාද ?

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

5 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago