නිකුත් කර ඇති ණය සඳහා 15% දක්වා පොලී අනුපාත වැඩි කළ බව මහජන බැංකුවේ සභාපතිවරයා පවසයි.
ජාතික ඉතිරිකිරීමේ බැංකුව පසුගිය 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන් මේ වන විට නිකුත් කර ඇති ණය සඳහා වන පොලී අනුපාත 15% ක උපරිමයක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබූ අතර එහිදි විශේෂත්වය වූයේ, ස්ථාවර පොලී අනුපාත යටතේ නිකුත් කර තිබු ණය පහසුකම්වල පවා පොලීය ඉහළ දමා තිබීමයි.
පසුව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ප්‍රකාශ කළේ, අදාළ පොලී අනුපාත ඉහළ දැමීම ශ්‍රී ලංකා මහ බැංකුව හෝ වෙනත් කිසිදු ආයතනයක උපදෙස් මත සිදු කළ දෙයක් නොවන බවත්, එය බැංකුවේ ව්‍යාපාරික තීරණයක් බවයි.
වෙළඳපොල පොලී අනුපාත අනුව අවස්ථානුකූලව ණය පොලී වෙනස් කිරීම සාමාන්‍ය බැංකු ක්‍රියාවලියක් බව ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය ලිපියෙන් අවධාරණය කර තිබිණ.
අදාළ නිවේදනයේ සඳහන්ව තිබුණේ, ඉදිරියේදී වෙළදපොලේ පොලී අනුපාත පහළ ගියහොත්, තම පොලී අනුපාත පහළ දැමීමට තීරණය කරන බවයි.
මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (30) සියලු බැංකු වෙත උපදෙස් දී ඇත්තේ, වාණිජ බැංකුවලින් ලබා ගෙන ඇති ණය යළි ගෙවීමේදී අපහසුතාවට පත්ව ඇති ණය ගැතියන්ට සහන සලසන ලෙසයි.
අමාත්‍යවරයා පැවසුවේ, බැංකු , ණය පොලී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් ඇතැම් ණය ගැතියන් පීඩාවට පත් ඇති බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
ණය මුදලක් අය කර ගැනීමට කටයුතු කිරීමේදී රජයේ නිලධාරියෙක්ගේ වැටුපෙන් 40%ක් ඉතිරි වෙනව නම් පමනයි ණය නිකුත් කරන්නෙ.මෙසේ පොලී අනුපාතය වැඩි කිරීම තුල 5% ක් වත් ඉතිරි නොවේ.දැන් ඒ මිනිසුන් ජීවත් වෙන්නෙ කොහොමද.පඩි සතයක්වත් වැඩි කරලත් නෑ.නිලධාරින්ට දිවි නසා ගැනීමට සිදුවීම වැඩි ඈතක නොවේ.
රජයේ නිලධාරියෙක් ට ණය මුදලක් නිකුත් කරන විට ජීවත්වීම සඳහා වැටුපෙන් 40% ක් ඇත්නම් මිස ණය නිකුත් නොකරයි.පොලී අනුපාතය වැඩිවීම මත නිලධාරීන්ට 5%ක් වත් ඉතිරි නොවේ.අද පවතින ජීවන අරගලය මැද ඔවුන් ජීවත් වන්නේ කෙසේද..