බ්‍රසීල පාපන්දු වීරයා පේලේ ජිවිතක්ෂයට !

බ්‍රසීලයේ ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක පේලේ දිගු කලක් පිළිකාවක් සමඟ සටන් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලොව එදා මෙදා විශිෂ්ටතම පාපන්දු ශූරයකු ලෙස සැලකෙන්නේ පේලේය.

ඔහුගේ දියණිය විසින් මේ පිළිබඳව Instagram පණිවිඩයක් යොමු කරමින් දැනුම් දී තිබුනේ ඔහු රෝහල් ඇඳක විවේක ගන්නා විට පවුලේ සාමාජිකයන් ඔහුගේ අත අල්ලාගෙන සිටින ඡායාරූපයක් සමඟයි.

පසුගිය නොවැම්බර් 29 වැනිදා ඔහු රෝහල්ගත කෙරුණේ අදාළ පිළිකා තත්ත්වය උත්සන්න වීමෙනි.

මියයන විට පේලේ ඇතුළත් කර සිටියේ, සාඕ පාවුලෝ නුවර ඇල්බට් අයින්ස්ටයින් රෝහලටය. කෙසේ නමුත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පේලේ පසුව සාමාන්‍ය වාට්ටුවකට යොමු කරනු ලැබුවා.

පාපන්දු ලෝකයේ විශිෂ්ටතමයා – පේලේ

පේලේ උපත ලැබුවේ බ්‍රසීලයේ ත්‍රීස් කුරසුයිස් හි දී 1940 වසරේ ඔක්තෝබර් 23 වැනිදායි. ඔහුගේ දෙමවුපියන් ඔහුට එඩ්සන් නසිමෙන්ටෝ නමින් නම් තබනවා. ඔහුට එඩ්සන් නාමය ලැබෙන්නේ තෝමස් අල්වා එඩිසන් සිහි වීම පිණිසයි. කුඩා කාලයේ පටන් ක්‍රියාශීලී දරුවෙකු වූ අතර නිවැසියන් ඔහුට ‘ඩිකෝ’ යන සුරතල් නාමයෙන් ඇමතුවා. ඉපදී කෙටි කලකින්ම ඔහු හා පවුලේ උදවිය බ්‍රසීලයේම බඋරු නුවරට සංක්‍රමණය වනවා.

හරි හැටි රැකියාවක් නොතිබුණු කුඩා එඩ්සන් ගේ පියාට ඔහු ඇතුළු පවුලට කන්නට අඳින්නට දීම සඳහා මුදල් සොයන්නට මහත් වෙහෙසක් ගැනීමට සිදු වුණා. මේ නිසා එඩ්සන්ට සමහර දිනවල හරි හැටි කෑමක් නොලැබුණත් ඔහු ඉන් අධෛර්යයට පත් වූවේ නැහැ. කුඩා කල සිටම පාපන්දුවට පෙම් බැන්ද ඔහු එවැන්නක් ගැනීමට මුදල් නොතිබුණු නිසා සිය මේස් කකුළකට පාංකඩ පුරවා, එයට පා පහර ගසමින් නගරයේ වීථි පුරා දිව ගියා. මේ කාලයේදී ඔහුගේ මිතුරන් ඔහුට ‘පේලේ’ යන නම පටබැන්දා.

ගැටවර වියට පත් පේලේ තරුණ පාපන්දු කණ්ඩායමකට එක් වෙනවා. එහි පුහුණුකරු වූයේ හිටපු බ්‍රසීල පාපන්දු ක්‍රීඩක වල්ඩෙමර් ඩි බ්‍රිටෝ යි. ඉක්මණින්ම පේලේගේ දක්ෂතා හඳුනාගන්නා ඔහු පේලේ ට වයස අවුරුදු 15ක් වන විටම ඔහුගේ පවුලේ සාමාජිකයන් දැනුවත් කර සැන්ටොස් පාපන්දු ක්‍රීඩා සමාජය වෙත යවනවා.

නවක තරුවක් පායා එයි

සැන්ටොස් ක්‍රීඩා සමාජයේ බලධාරීන්ද මේ හුරුබුහුටි යෞවනයාගේ දක්ෂතා ඉක්මණින්ම හඳුනාගෙන ඉක්මණින්ම සිය ප්‍රධාන කණ්ඩායමට ඇතුළත් කරගන්නවා. යාන්තම් වයස අවුරුදු 16 වන විට සිය පළමු වෘත්තීය මට්ටමේ ගෝලය වාර්තා කරගන්නා ඔහු එම තරග වාරයේ වැඩිම ගෝල රැස්කළ ක්‍රීඩකයා බවට පත් වෙනවා. ඒ දක්ෂතාවය ඔහුට බ්‍රසීල ජාතික කණ්ඩායමට දොරගුළු විවර වීමට ප්‍රමාණවත් වෙනවා. පේලේ යන දක්ෂ පාපන්දු ක්‍රීඩකයා තරුවක් බවට පරිවර්ථනය වන්නේ 1958 වසරේ ස්වීඩනයේ පැවති පාපන්දු ලෝක කුසලානයත් සමඟයි.

මෙහි අවසන් පූර්ව වටය වන විට දා හත් වියැති මෙම ක්‍රීඩකයාගේ වේගය, උලැඟිතාවය හා තාක්ෂණය පිළිබඳ බොහෝ දෙනා අතර කතා ඇති වී තිබුණා. ප්‍රංශය හා පැවති අවසාන පූර්ව තරගයේ බ්‍රසීලය වෙනුවෙන් වාර්ථා වූ ගෝල 5න් 3ක් ම පේලේගේ පාදයෙන් එල්ල වූ අතර 5-2 වශයෙන් තරගය ජයගත් බ්‍රසීලය සත්කාර්ක ස්වීඩනයත් සමඟ අවසන් තරගයට තේරී පත් වනවා. අවසන් තරගයේදී ද සිය දක්ෂතා ප්‍රකට කළ පේලේ නැවතත් ක්‍රියාත්මක වෙමින් ගෝල දෙකක්ම ලබා ගන්නේ අවසානයේ 5-2 ලෙස බ්‍රසීලය 1958 ලෝක ශූරයන් කරමින්.

මේ ජයග්‍රහණයත් සමඟ පේලේගේ දිවියේ ස්වර්ණමය යුගය ඇරඹුණා. ඔහුට යුරෝපීය ක්‍රීඩා සමාජ වලින් ආරාධනා ගලා එන්නට පටන්ගත් අතර බ්‍රසීල රජය විසින් ඔහු ජාතික සම්පතක් ලෙස හඳුන්වනු ලැබුවා. මේ අනුව ඔහුට වෙනත් රටකට ක්‍රීඩා කිරීම වැලැක්වීම ඔවුන්ගේ අරමුණ වූ අතර සැන්ටොස් ක්‍රීඩා සමාජයද මේ තරුවට නිසි ලෙස ගෙවීම් කරමින්, තවත් විවිධ වරප්‍රසාද හා තෑගි බෝග ලබා දෙමින් තම ක්‍රීඩා සමාජය තුළම තබා ගැනීමට උත්සුක වුණා. එක ලෝක කුසලානයකින් නොනැවතුනු පේලේ 1962 පාපන්දු ලෝක කුසලානය බ්‍රසීල කණ්ඩායමට හොඳ වුණත් පේලේට එසේ වූයේ නැහැ.

තරගාවලියේ මුල් තරග හොඳින් ක්‍රීඩා කළ පේලේට සිය කණ්ඩායම අවසන් පූර්ව තරග සඳහා ප්‍රවිෂ්ඨ වන විට ක්‍රීඩා නොකර සිටින්නට වූයේ පාදයේ ඇති වූ ආබාධ තත්ත්වයක් නිසාවෙන්. ඒ කේසේ නමුත් එක පිට දෙවන ලෝක කුසලාන ජයක්‍රහණයත් බ්‍රසීලය මෙහිදී වාර්ථා කරනවා. 1966 එංගලන්තයේදී පැවති පාපන්දු ලෝක කුසලානය පේලේට පමණක් නොව බ්‍රසීල කණ්ඩායමටත් ‘අමතක කළ යුතු’ මතකයන් රැගත් එකක් වුණා. පේලේ ගේ දක්ෂතා හොඳින් දැනගෙන සිටි අනෙකුත් කණ්ඩායම් සිය ආරක්ෂක හා පසුපෙළ ක්‍රීඩකයන් ලව්වා උපක්‍රමිකව පේලේට පහර එල්ල කරනවා. මේ නිසා ඉක්මණින්ම පාදයේ ආබාධයක් ඇති වී පේලේට තරගාවලිය අහිමි වන අතර වැඩි දක්ෂතා නොදක්වාම බ්‍රසීල කණ්ඩායමද තරගවලියෙන් ඉවත් වෙනවා.

1966 ලෝක කුසලානය අමිහිරි මතකයකින් කෙළවර වූවත් පේලේගේ දක්ෂතා වල අඩුවක්නම් දකින්නට ලැබුණේ නැහැ. ඔහුගේ ජනප්‍රියතාවට හොඳම උදාහරණයක් ලෙස නයිජීරියානු සිවිල් යුද්ධය ඔහු සහභාගී වන තරගයක් නැරඹීම සඳහා තාවකාලිකව නතර කර දැමීම ගත හැකියි. 1970 මෙක්සිකෝවේ පැවති පාපන්දු ලෝක කුසලානය ඒ වන විට පරිණත ක්‍රීඩකයෙකු බවට පත්ව සිටි පේලේට නැවතත් ලෝක කුසලාන වාසනාව ගෙනාවා. මෙවර නායකයා වශයෙන් හොඳින් සිය කණ්ඩායම හැසිරවූ ඔහු තරගාවලිය තුළ ගෝල 4ක් වාර්ථා කරගත් අතර ඉන් වටිනාම ගෝලය ඉතාලියට එරෙහිව අවසන් තරගයේදී එල්ල කළේ 4-1 ක ජයග්‍රහණයකුත් වසර 8 කට පසුව ලෝක කුසලාන ජයග්‍රහණයත් සිය රටට ගෙන දෙමින්.

ගැටවර වියට පත් පේලේ තරුණ පාපන්දු කණ්ඩායමකට එක් වෙනවා. එහි පුහුණුකරු වූයේ හිටපු බ්‍රසීල පාපන්දු ක්‍රීඩක වල්ඩෙමර් ඩි බ්‍රිටෝ යි. ඉක්මණින්ම පේලේගේ දක්ෂතා හඳුනාගන්නා ඔහු පේලේ ට වයස අවුරුදු 15ක් වන විටම ඔහුගේ පවුලේ සාමාජිකයන් දැනුවත් කර සැන්ටොස් පාපන්දු ක්‍රීඩා සමාජය වෙත යවනවා. පේලේ යන දක්ෂ පාපන්දු ක්‍රීඩකයා තරුවක් බවට පරිවර්ථනය වන්නේ 1958 වසරේ ස්වීඩනයේ පැවති පාපන්දු ලෝක කුසලානයත් සමඟයි. මෙහි අවසන් පූර්ව වටය වන විට දා හත් වියැති මෙම ක්‍රීඩකයාගේ වේගය, උලැඟිතාවය හා තාක්ෂණය පිළිබඳ බොහෝ දෙනා අතර කතා ඇති වී තිබුණා.

ප්‍රංශය හා පැවති අවසාන පූර්ව තරගයේ බ්‍රසීලය වෙනුවෙන් වාර්ථා වූ ගෝල 5න් 3ක් ම පේලේගේ පාදයෙන් එල්ල වූ අතර 5-2 වශයෙන් තරගය ජයගත් බ්‍රසීලය සත්කාර්ක ස්වීඩනයත් සමඟ අවසන් තරගයට තේරී පත් වනවා. අවසන් තරගයේදී ද සිය දක්ෂතා ප්‍රකට කළ පේලේ නැවතත් ක්‍රියාත්මක වෙමින් ගෝල දෙකක්ම ලබා ගන්නේ අවසානයේ 5-2 ලෙස බ්‍රසීලය 1958 ලෝක ශූරයන් කරමින්.

Ceylon News Factory

Recent Posts

බැසිල් රටින් පිට වෙයි !

ශ්‍රී ලංකා පොදුජන‌ පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (20) උදෑසන එමිරේට්ස්…

18 mins ago

රාජ්‍ය නිලධාරීන් 9 දෙනෙක් මැතිවරණ රාජකාරී වලින් ඉවතට !

ජනාධිපති ධුර අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් 9දෙනෙකු මැතිවරණ රාජකාරී වලින් ඉවත්…

1 hour ago

ප්‍රදේශ රැසකට අදත් වැසි බර කාලගුණයක් !

සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතෙත් කොළඹ,…

1 hour ago

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් !

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරයේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශවල…

12 hours ago

විදේශීය සිසුන් ගැන කැනේඩියානු රජයෙන් දැනුම් දීමක් !

අධ්‍යාපන ආයතන සඳහා විදෙස් සිසුන් බඳවා ගැනීම තවදුරටත් අවම කිරීමට කැනේඩියානු රජය තීරණය කර තිබෙනවා.…

19 hours ago

ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර ගැටලුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් !

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ,…

20 hours ago