බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඇති මූල්‍ය අක්‍රමිකතා රැසක් ගැන හෙළිදරව්වක් !

නව පාඨමාලා හඳුන්වා නොදීම ඇතුළු මූල්‍ය අක්‍රමිකතා රැසක් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළ සිදුව ඇති බවට විගණන වාර්තාවකින් කරුණු අනාවරණය කර තිබේ.

2021 වර්ෂයට අදාළව ඉදිරිපත් කර ඇති මෙම විගණන වාර්තාව මගින් එම තොරතුරු අනාවරණය කර ඇති බව සඳහන්ය.

ඒ අනුව නීති රීති රෙගුලාසි මහ කළමනාකරණ තීරණ ආදිය ද අනුකූල නොවීම අදාළ විගණන වාර්තාව මගින් කරුණු අනාවරණය කර ඇති අතර පාඨමාලාවල මූල්‍ය අලාභ සිදුව ඇති බව ද එම වාර්තා පෙන්වා දෙයි.

විශ්වවිද්‍යාලය විසින් ස්වයං මූල්‍ය පාඨමාලා සඳහා 2021 වර්ෂයට අදාළව සකස් කර ඇති අයවැය ඇස්තමේන්තුවේ සියයට 10ක සිට සියයට 25 දක්වා ප්‍රමාණයන් විශ්වවිද්‍යාල සංවර්ධන අරමුදලට බැර කළ යුතු වුව ද විශ්වවිද්‍යාල සංවර්ධන අරමුදලක් මෙහිදී පිහිටවා නැති බවට ද අනාවරණය කර තිබේ.

එමෙන්ම දැනට පවත්වාගෙන යනු ලබන පාඨමාලා 12 තුළ විෂය නිර්දේශ සංශෝධනය නොකර වසර 03ක කාලයක් ගතවී ඇතත් නව පාඨමාලා හඳුන්වා දීම කෙරෙහි අවධානය යොමුව නොමැති බවට ද එම වාර්තාව පෙන්වා දී තිබේ.

කෙසේවෙතත් එහිදී කළමනාකාරීත්වය පවසා ඇත්තේ මෙම වර්ෂයේ සිට නව පාඨමාලා 15ක් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවය.

එමෙන්ම භාෂා නිපුණතා සංවර්ධන ගොඩනැගිල්ලේ පිහිටි පරිගණක විද්‍යාගාරය වෙත ලබාදී තිබූ වටිනාකම හඳුනාගත නොහැකි පරිගණක 37ක් සහ පරිගණක මේස පුටු 47ක් ද 2019 වර්ෂය තුළ මිලදීගෙන තිබේ.

එහි වටිනාකම රුපියල් කෝටියකට අධික වන අතර එම කාර්යාල උපකරණ ද මෙම වාර්තාවේ දිනය දක්වාම නිශ්කාර්යව පැවති බව මෙම විගණන වාර්තාව මගින් පෙන්වා දී ඇත.

Ceylon News Factory

View Comments

  • පිස්සු වාර්තා තමයි. පසුගිය වසර 2-3 තුල ලෝකෙම ඔහොම තමයි.

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago