නව පාඨමාලා හඳුන්වා නොදීම ඇතුළු මූල්‍ය අක්‍රමිකතා රැසක් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළ සිදුව ඇති බවට විගණන වාර්තාවකින් කරුණු අනාවරණය කර තිබේ.
2021 වර්ෂයට අදාළව ඉදිරිපත් කර ඇති මෙම විගණන වාර්තාව මගින් එම තොරතුරු අනාවරණය කර ඇති බව සඳහන්ය.
ඒ අනුව නීති රීති රෙගුලාසි මහ කළමනාකරණ තීරණ ආදිය ද අනුකූල නොවීම අදාළ විගණන වාර්තාව මගින් කරුණු අනාවරණය කර ඇති අතර පාඨමාලාවල මූල්‍ය අලාභ සිදුව ඇති බව ද එම වාර්තා පෙන්වා දෙයි.
විශ්වවිද්‍යාලය විසින් ස්වයං මූල්‍ය පාඨමාලා සඳහා 2021 වර්ෂයට අදාළව සකස් කර ඇති අයවැය ඇස්තමේන්තුවේ සියයට 10ක සිට සියයට 25 දක්වා ප්‍රමාණයන් විශ්වවිද්‍යාල සංවර්ධන අරමුදලට බැර කළ යුතු වුව ද විශ්වවිද්‍යාල සංවර්ධන අරමුදලක් මෙහිදී පිහිටවා නැති බවට ද අනාවරණය කර තිබේ.
එමෙන්ම දැනට පවත්වාගෙන යනු ලබන පාඨමාලා 12 තුළ විෂය නිර්දේශ සංශෝධනය නොකර වසර 03ක කාලයක් ගතවී ඇතත් නව පාඨමාලා හඳුන්වා දීම කෙරෙහි අවධානය යොමුව නොමැති බවට ද එම වාර්තාව පෙන්වා දී තිබේ.
කෙසේවෙතත් එහිදී කළමනාකාරීත්වය පවසා ඇත්තේ මෙම වර්ෂයේ සිට නව පාඨමාලා 15ක් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවය.
එමෙන්ම භාෂා නිපුණතා සංවර්ධන ගොඩනැගිල්ලේ පිහිටි පරිගණක විද්‍යාගාරය වෙත ලබාදී තිබූ වටිනාකම හඳුනාගත නොහැකි පරිගණක 37ක් සහ පරිගණක මේස පුටු 47ක් ද 2019 වර්ෂය තුළ මිලදීගෙන තිබේ.
එහි වටිනාකම රුපියල් කෝටියකට අධික වන අතර එම කාර්යාල උපකරණ ද මෙම වාර්තාවේ දිනය දක්වාම නිශ්කාර්යව පැවති බව මෙම විගණන වාර්තාව මගින් පෙන්වා දී ඇත.
පිස්සු වාර්තා තමයි. පසුගිය වසර 2-3 තුල ලෝකෙම ඔහොම තමයි.