සෞඛ්‍ය ඇමති ජනපතිගේ උපදෙස් ඉවත දමයි !

සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීම සඳහා උත්සාහ කරන වෛද්‍ය සැපයුම්කරුවෙකුගේ ආරාධනයකට අනුව ඉන්දියාවේ සංචාරයක නියැළුණු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ආපසු පැමිණි විගසම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා වශයෙන් ඖෂධ ආනයනයේදී අනුගමනය කළ යුතු බවට නියම කරන ලද උපදෙස් නොසලකා හැර දේශීය ව ලියාපදිංචිය පවා නොමැති ඉන්දීය සමාගම් දෙකකට ඉන්දියානු ණය සහනය යටතේ ඖෂධ සැපයීමට අවසථාව සලසා දීමට උත්සාහ දරා ඇතැයි “ද සන්ඩේ ටයිම්ස්“ පුවත් පත වාර්තා කරයි.
අමාත්‍යවරයා විසින් ඔහුට තෙදින ඉන්දීය සංචාරයක් සඳහා ආරාධනය කළ සමාගම ඇතුළු සමාගම් දෙකට ජනාධිපතිවරයාගේ උපදෙස් නොතකමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ඖෂධ වර්ග ලයිස්තුවක් මෙරටට ගෙන්වීම සඳහා අවසරය ලබා දෙන ලෙස ඖෂධ අධිකාරියට ඉල්ලීමක් කර ඇතැයි මෙම පුවත් පත තවදුරටත් අනාවරණය කරයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මීට පෙර අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවකින් ඉල්ලා තිබුණේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ඖෂධ සැපයුම්කරුවන්ට තරඟකාරී ටෙන්ඩර ක්‍රියාවලිය මඟ හරිමින් මෙරට තෝරාගත් සැපයුම්කරුවන් වෙතින් ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ අමාත්‍යංශ නිලධාරීන්ට ඉඩකඩ සැලසෙන බව මෙම වාර්තාව මඟින් පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ යෝජනාව පිළිබඳ සිය නිරීක්ෂණවලදී උපදෙස් ලබා දුන්නේ යෝජිත සැපයුම්කරු අයාචිත පදනමක් මත තෝරා ගන්නා බැවින් වෛද්‍ය සැපයුම්වල මිල සහ ගුණාත්මකභාවය “වෙළඳපොල මිල ගණන්වලට සහ ඖෂධවල ගුණාත්මක භාවයට සමගාමීව යථාර්ථවාදී සහ සාධාරණ මිලක් ලබා ගැනීම සඳහා” කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව (CANC) හෝ සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුව (HSEPC) විසින් සමාලෝචනය කර සාකච්ඡා කළ යුතුය“ යනුවෙනි.

වෛද්‍ය සැපයුම් කොන්ත්‍රාත්තු සඳහා තරඟකාරී ලංසු තැබීමේ මාර්ගයට සහාය වූ නිර්දේශවලට අමාත්‍ය මණ්ඩල කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

අනෙකුත් සැපයුම්කරුවන් ඇතුළත් කිරීමට විෂය පථය පුළුල් කිරීමට කැබිනට් මණ්ඩලය ඉඩ දුන්නේ නැත.

එවැනි තත්ත්වයක් තිබියදී සහ අදාළ ඖෂධ වර්ග සැපයිය හැකි ලියාපදිංචි ඖෂධ සහ ඖෂධ සැපයුම්කරුවන් සිටියදී ඔහුට ඉන්දියාවට ආරාධනය කළ සමාගම ඇතුලු සමාගම් දෙකකට මෙලෙස මෙරට ලියාපදිංචි නොකළ ඖෂධ සැපයීමට අමාත්‍යවරයා උත්සාහ ගන්නේ පවතින අර්බුදකාරී අවස්ථාවෙන් විශේෂ ප්‍රතිලාභයක් යම් යම් පාර්ශ්වවලට හිමි වන නිසාද යන්න පිළිබඳව මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පුළුල් කතා බහක් නිර්මාණය වී තිබේ.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago