සතෙක් එක්ක ලිංගික සබදතා පැවැත්තුවොත් වැඩ වරදියි !

සතෙකු සමඟ කිසියම් අයෙක් ලිංගික සම්බන්ධතාවක් පැවැත් වුවහොත් එය මෙරට දණ්ඩනීති සංග්‍රහයට අනුව වරදක් බවට දක්වා තිබෙනවා.

ඒ, අනුව කිසියම් පුද්ගලයෙක් සතෙකු සමඟ ලිංගිකව හැසිරීමක් සිදුකළ හොත් ඔහුට ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයට අනුව අවුරුදු දහය දක්වා කාලයක, දෙආකාරයෙන් හෝ එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමක් සිදුකළ හැකි වනවා.

එමෙන්ම ආදළ පුද්ගලයා දඩ මුදලකට ද යටත් වන බවයි දණ්ඩනීති සංග්‍රහයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 365 වගන්තියේ මෙය දක්වා ඇති අතර, මෙම දඬුවම 1995 අංක 22 දරන දණ්ඩනීති සංග්‍රහය (සංශෝධන) පනතේ සංශෝධනයට ලක්කර තිබෙනවා.

එම සංශෝධනයට අනුව අදාළ වරද අවුරුදු 16කට නොඅඩු තැනැත්තෙකු විසින් සිදුකළ ඇත්නම්, අදාළ තැනැත්තාට අවුරුදු දහයකට නොඅඩු අවුරුදු විස්ස නොඉක්ම වූ බරපතළ වැඩ සහිත බන්ධනාගාර ගත කිරීමක් හා දඩ මුදලක් පැනවීමෙන් දඬුවම් කළ හැකි වනවා

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago