දැනට රිමාන්ඩ් භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (23) බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව තහවුරු කළා.
වසන්ත මුදලිගේ 2022 අගෝස්තු 19 වන දින පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90 ක කාලයක් ඔහුව රදවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පොලිසියට බලය ලබා දුන්නා.
ඉන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.