ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ආශු මාරසිංහ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ පෞද්ගලික හේතුවක් මත ඒ මහතා ධූරයෙන් ඉවත්වී ඇති බවය.
ආශු මාරසිංහ මහතා ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස කටයුතු කර තිබුණි.