ජනපතිගේ උපදේශක ආශු මාරසිංහ සුනඛයෙක් සමඟ ලිංගිකව හැසිරුණැයි චෝදනාවක් (VIDEO)

563 Views
1 Min Read

මහාචාර්ය ආශු මාරසිංහ මහතාට ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවුයේ සුනඛයෙක් සමඟ ලිංගිකව හැසිරෙන වීඩියෝවක් සමාජගත වීම නිසා බවට වූ බරපතල චෝදනාව හේතුවෙන් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ කොළඹ අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරිය කියා සිටියේ ආශු මාරසිංහ මහතා සිය ලිංගික ආශාවන් සන්තර්පණය කරගැනීම සඳහා සුරතල් බල්ලෙකු භාවිතා කර ඇති බවයි.

ඔහුගේ මෙම ක්‍රියාවට වසර 20ක සිරදඬුවමක් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බවයි ඇය මාධ්‍ය හමුවේ සඳහන් කළේ.

මෙම මාධ්‍ය හමුවට ආශු මාරසිංහ මහතා සමග නිවසේ එකට ජීවත් වූ බිරිය බව කියන ආදර්ශා කරදන මහත්මියද එක්ව සිටියා.

මේ අතර අංශු මාරසිංහ මහතා අද (23) ජනාධිපති උපදේශක තනතුරෙන් ඉල්ලා අස් වුණා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පෞද්ගලික හේතුවක් මහතා ඔහු ධුරයෙන් ඉවත් වී ගිය බවයි.

ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස ආශු මාරසිංහ මහතා කටයුතු කළා.

මීට අදාළ වීඩියෝව පහතින්,

Share This Article
Leave a comment